News

වැඩබලන සොලිසිටර් ජනරාල්වරයා ලෙස සංජය රාජරත්නම් පත් කිරීමට අනුමැතිය 

නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩබලන සොලිසිටර් ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පත් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත.

සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කිරීම හේතුවෙන් සංජය රාජරත්න මහතා මෙම ධූරයේ වැඩබැලීම සඳහා පත් කර ඇත.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග දුරකතන සංවාදයක යෙදීමෙන් වෘත්තීය ආචාර ධර්ම කඩ කළේ යැයි චෝදනා එල්ල විමෙන්ය.