වැස්ස නිසා 80,000කට අධික පිරිසකට පීඩා
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පවුල් සහ පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
එහි අධ්‍යක්ෂක චමින්ද පතිරාජ මහතා පැවසුවේ දිස්ත්‍රික්ක 8ක පවුල් 20,815කට අයත් සාමාජිකයින් 80,007ක සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවයි.
මෙලෙස පීඩාවට පත්ව ඇත්තේ ගාල්ල, මාතර, කළුතර, කොළඹ, කෑගල්ල, නුවර, හම්බන්තොට සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ජනතාව බව ද ඔහු සදහන් කළේය.
අධික වර්ෂාව සහ නායයෑම් අවදානම් හේතුවෙන් නිවාස 30ක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර, නිවාස 819ක් අර්ධ ලෙස හානියට පත්ව ඇති බව චමින්ද පතිරාජ මහතා පැවසුවේය.
අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඇතිවූ නායයෑම් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පුද්ගලයින් 6දෙනෙකු තුවාල ලබා ඇති බව ද ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක චමින්ද පතිරාජ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
