News

වැසි තත්ත්වයත් සමග අධිවේගී මාර්ග භාවිත කිරීමේදී විමසිලිමත් වන්න

මේ දිනවල දිවයිනට බලපා ඇති වැසි තත්ත්වයත් සමග අධිවේගී මාර්ග භාවිත කිරීමේදී විමසිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දෙනවා.

අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනයේදී ඉදිරිපස ලාම්පුව දල්වා ගෙන යෑම සහ බඳ පටි පැළඳීම අනිවාර්ය බව ද එම අධිකාරිය සිහිපත් කර සිටියා.

වර්ෂාව පවතින වේලාවන්වලදී අධික වේගයෙන් රිය පැදවීමෙන් වළකින ලෙස ද මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට දැනුම් දෙනවා.

වසර අවසානයේ උත්සව සමය ආරම්භ වීමත් සමග අධිවේගී මාර්ග භාවිත කරන වාහන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

අධිවේගී මාර්ගයේ සාමාන්‍ය දිනක ධාවනය වන වාහන සංඛ්‍යාව 50,000ක් පමණ වනවා.

උත්සව සමයත් සමග එම සංඛ්‍යාව 65,000 ත් 75,000 ත් දක්වා ඉහළ ගොස් තිබෙනවා.