News

වෑන් රථයක් වෙලදසැල් දෙකක් කඩාගෙන අනතුරක

වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොටවෙහෙරගල ප්‍රදේශයේ දී අද(23)අලුයම දොලහයි තිහට පමන වෑන් රථයක් මාර්ගයේන් ඉවතට පැන අනතුරක් සිදු වී ඇත.

වෑන් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේන් ඉවතට පැන අසල තිබූ වෙලදසැල් දෙකක් කඩාගෙන ගොස් මෙම අනතුර සිදු වී තිබේ.

අනතුර නිසා වෑන් රථයේ ගමන් ගත් කිහිප දෙනෙකු සුලු තුවාල ලබා ඇති අතර ඔවුන් කිසිවෙකු රෝහල් ගත කර නොමැත. අනතුරින් එක් වෙලදසැලකට දැඩිලෙස අලාභ හානි සිදු වී ඇති අතර වෑන් රථයේ තංගල්ල ප්‍රදේශයේ පිරිසක් ගමන් කරමින් සිට තිබේ.මෙම අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

වැල්ලවාය – ජයන්ත වීරසේකර