News

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් අද ජනාධිපති කොමිසම හමුවට

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා අද (18) ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබේ.

විදුලි බල මණ්ඩලයට අතිරේක විදුලි ධාරිතාවක් මිලදී ගැනිමේදී හා ඉන්ධන ලබා ගැනීමේදී සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සදහා ඒ මහතා මෙලෙස කැදවා තිබේ.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ සභාපති කේ. ඒ. සෝමසිරි මහතා ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද දිනයේ කැඳවා තිබේ.