විදේශිය මත්පැන් නව ආරක්ෂිත ස්ටිකරයක් නොමැතිව අළෙවි කිරීම තහනම්
නව ආරක්ෂිත ස්ටිකරයක් නොමැතිව විදේශිය මත්පැන් අළෙවි කිරීම තහනම් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව නව ස්ටිකරය නොමැතිව විදේශිය මත්පැන් සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය, ගබඩා කිරීම සහ විකිණීම සපුරා තහනම් වන අතර මෙම නීතිය පසුගිය 20 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි බලාත්මක කර ඇත.
ප්‍රථම අදියර යටතේ ආනයනික විදේශිය මත්පැන් සඳහා මෙම නීතිය ක්‍රියාත්මක වෙයි.
දේශීය මත්පැන් ද ස්ටිකර් සහිතව අළෙවි කිරීමේ නීතිය ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළ අතර
මෙරටට විදේශිය මත්පැන් ආනයනය කරන ආයතන සංඛ්‍යාව 23කි.
ඒ අනුව එම ආයතන ආනයනය කරනු ලබන සියලු මත්පැන් බෝතල් සහ කෑන් අළෙවි කිරීමට පෙර සුරාබදු දෙපාර්තමේන්තුව මුද්‍රණය කර ඇති ආරක්ෂිත ස්ටිකරය ඇළවීමකින් තොරව වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම තහනම්ය.
ගුවන්තොටුපොළේ ක්‍රියාත්මක බදු රහිත සාප්පු සංකීර්ණවලට විදේශිය මත්පැන් ආනයනය කරනු ලබන ආයතන ගෙන්වනු ලබන මත්පැන් තොගවල ද මෙම ස්ටිකරය ඇළවීමට නියමිතව ඇත.
