News

විදේශීය ගිනි අවියක් සමග දඩ මස් තොගයක් සොයාගැනේ

පුස්සැල්ලාව නගරයේදී සැක කටයුතු ලෙස අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබූ විදේශ රටක නිෂ්පාදිත බොර දොළහ වර්ගයේ ගිනි අවියක් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු හඳුනාගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ මෝටර් රථයේ තිබී ගෝන මස් කිලෝ 60ක ප්‍රමාණයක් සහ විදේශ රටක නිෂ්පාදිත බොර දොළහ වර්ගයේ ගිනි අවියක් සොයාගත් බවත්’ සැකකරුවන් රාගල, නුවරඑළිය හා රම්බොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්ය.

සැකකරුවන් ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.