News

විදේශ රටක ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ අය මෙරට නීතියෙන් අත්අඩංගුවට ගන්න බෑ

ශ්‍රී ලාංකිකයින් රැසක් ඉස්ලාමීය රාජ්‍යය හෙවත් IS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී කටයුතු කර නැවත මෙරටට පැමිණි බව සම්න්ධයෙන් රජය දැනුවත්ව සිටි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.

බ්‍රිතාන්‍යයේ ස්කයි නිව්ස් පුවත් සේවයට අදහස් පළ කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අග්‍රාමාත්‍යවරය වැඩිදුරටත් කියා සිටියේ විදේශ රටක ත්‍රස්ත සංවිධානයකට එකතු වී කටයුතු කිරීම මෙරට නීතියට පටහැනි නොවන බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බව ය.