News

විධායක ජනාධිපති ක්‍රමය සහ 20 ගැන මහින්ද සමඟ ජවිපෙ කතා කරයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් අතර සාකච්ඡාව ඊයේ (06) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විය.

ඊට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි නායක පාර්ලිිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් මෙන්ම සුනිල් හඳුන්නෙත්ති ද එක්ව සිටි අතර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම ද සාකච්ඡාවට එක් වී සිටියා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ 20වන සංශෝධනය ජනමත විචාරනයක් මගින් සම්මත කරගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් හා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා සමඟ සාකච්ඡා කල බවයි.

එම සාකච්ඡාවට එක්ව සිටි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කල බවයි.