News

වියළි කාලගුණයත් සමග පුද්ගලයින් 56,000 කට අධික පිරිසක් පිඩාවට පත්වෙයි

පවතින වියළි කාලගුණයත් සමග පුද්ගලයින් 56,000 කට අධික පිරිසක් පීඩාවට පත් ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

කෑගල්ල, පුත්තලම, වව්නියාව, යාපනය හා මහනුවර දිස්ත්‍රික්කවල පිරිසක් එළෙස පීඩාවට පත් ව ඇති බව වාර්තා වන අතර ඔවුන්ට සහන සැලසීම සඳහා ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර වියළි කාලගුණය ඉදිරි සති කිහිපයේදීත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.