News

විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේ කාල සීමාව දීර්ඝ කරයි

විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේ කාල සීමාව දීර්ඝ කරයි

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාව තවදුරටත් දිර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මෙම තැන්පතු ගිණුම් විවෘත කිරීම සඳහා ලබා දී තිබූ කාල සීමාව හෙට (07) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබිණි.

එම ගිණුම්වල පවතින තැන්පතු තවදුරටත් රදවා ගැනීමේ අරමුණින් අතිරේක පොලියක් ගෙවීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

2021 මාර්තු මාසය වන විට එම තැන්පතු ගිණුම්වල අමෙරිකානු ඩොලර් මිලියන 360.3 ක මුදලක් තැන්පත් කර තිබේ.

තවදුරටත් මුදල් තැන්පත් කිරීමට කැමැත්තක් දක්වන පාර්ශව වෙනුවෙන් අදාළ කාළ සීමාව දීර්ඝ කිරීමටයි කැබිනට් අනුමැතිය ලැබී ඇත.