News

වීසා නොමැතිව මෙරට රැඳී සිටි පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට

පිටකොටුව, කේසර් විදිය ප්‍රදේශයේදී වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 39 හැවිරිදි පාකිස්ථානු ජාතිකයෙකු වන අතර ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ වරදට සැකකරු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කරයි.

අත්අඩංගුවට ගත් විදේශිකයා අද දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත්කිරීමට නියමිතය.