වෙඩි වැදී සිටි වන අලියා මියයයි
දඩයක්කරුවෙකුගේ වෙඩි පහරකට ලක්ව බරපතළ ලෙස තුවාල ලබා සිටි වන අලියෙකු අද(31) අළුයම මිය ගොස් තිබෙයි.
මීට මාස දෙකකට පමණ පෙරදී වෙඩි වැදී තුවාල ලබා සිටිය දී මෙම වන අලියා සොයා ගනු ලැබූ අතර ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් අවස්ථා කිහිපයක දී ප්‍රතිකාර කරනු ලැබුවද අද අළුයම අලියා මිය ගොස් ඇත.
මියගිය අලියාට වයස අවුරුදු 30 ක් පමණ වන බව වනජීවි නිලධාරීන් පවසයි. මිය ගිය වන අලියාගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදු කිරීමට නියමිතය.