News

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරිය සහ ඇගේ සහෝදරිය ලබන 30දක්වා රිමාන්ඩ්

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරිය සහ ඇගේ සහෝදරිය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

බලපත්‍ර නොමැතිව කාන්තාවක් පැද වූ යතුරුපැදියක් වෙන්නප්පුව පොලීසිය විසින් ඊයේ පරීක්ෂා කර ඇති අතර එම යතුරුපැදිය පදවා ඇත්තේ, අදාළ මන්ත්‍රීවරියගේ සහෝදරිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අනතුරුව එම ස්ථානයට අදාළ මන්ත්‍රිවරිය, ඇයගේ පියා සහ තවත් කාන්තාවක් පැමිණ එහිදී ඔවුන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇති අතර එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකු එම සිද්ධිය වීඩියෝ කර ඇත.

මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ කරුණු වාර්තා කර අදාළ වීඩියෝ පටය මහේස්ත්‍රාත්වරයාට ප්‍රදර්ශනය කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මාරවිල අධිකරණය ඊයේ වරෙන්තු නිකුත් කර තිබුණි.