News

වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නව අධ්‍යයන කේන්ද්‍ර ගොඩනැඟිල්ල ජනපති අතින් විවෘත කෙරේ

වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නව අධ්‍යයන කේන්ද්‍ර ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (21) පෙරවරුවේ විවෘත කෙරිණි.

කොළඹ 08, කොටාපාර, රොඞ්නි වීදියේ ස්ථාපිත කර තිබේ.

වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල හමුදා සහ පෞද්ගලික අංශයේ සේවයේ නිරත වෛද්‍යවරුන්ට විශේෂඥ පුහුණුව ලබා දෙන මෙරට ඇති එකම විධිමත් ආයතනය වේ.

සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.