ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද
හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණි දිසානායක මහතාගේ බිරිඳ වන ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) සිදු කිරීමට නියමිතයි.
ඇයගේ දේහය මේ වන විට කොළඹ විජේරාමයේ පිහිටි නවීන් දිසානායක මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.
ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ඊයේ (31) සහභාගී විය.
හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි දිසානායක මහතාගේ බිරිඳ වන ශ්‍රීමා දිසානායක මහත්මිය පසුගිය සිකුරාදා පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
ශ්‍රීමා දිසානායක මහත්මිය, අමාත්‍ය නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක යන මහත්වරුන්ගේ සහ වරුණි දිසානායක මහත්මියගේ මෑණියන් වේ.