ශ්‍රීලනිප ආසන සංවිධායකවරු 6ක් ඉවතට
ආසන බල මණ්ඩල පිහිටුවීමට කටයුතු නොකළ ශ්‍රීලනිප ආසන සංවිධායකවරු 6 දෙනකු එම ධූරවලින් ඉවත් කිරීමට පියවර ගත් බව එම පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.
සුසිල් ප්‍රේම්ජයන්ත, චන්දිම වීරක්කොඩි, ටී.බී ඒකනායක, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරු එසේ ඉවත් කළ ආසන සංවිධායකවරු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.