ශ්‍රීලනිප.යෙන් තීරණයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම පක්ෂය සඳහා කළමාණාකාර කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.
ඊයේ (04) රාත්‍රීයේ රැස්වු පක්ෂයේ නියෝජිත හමුව සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා මේ බව සඳහන් කර තිබේ.
ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ පක්ෂයේ සංවිධාන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ අරමුණින් තීරණය ගත්බවකි.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදහස් දක්වමින් සඳහන් කළේ ආණ්ඩුවෙන් ඉවත්වීමේ කිසිදු සාකච්ඡාවක් මෙතෙක් පක්ෂය තුළ නොමැති බවය.