News

ශ්‍රී ලංකාවේ ධිවර වරායන් සංවර්ධනය සදහා ශක්‍යතා අධ්‍යනයට ප්‍රංශයෙන් යුරෝ 650.000 ක්

ශ්‍රී ලංකාවේ ධිවර වරායන් සංවර්ධනය සදහා වන ශක්‍යතා අධ්‍යනය සදහා ප්‍රංශ සංවර්ධනය සදහා වන ඒජන්සිය විසින් යුරෝ 650.000 ක මුල්‍ය ප්‍රධානයක් ලබා දී ඇත.

මේ සදහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී සිදු කෙරිණ . කෘෂිකර්ම , ග්‍රාමීය ආර්ථික කටයුතු , පශු සම්පත් සංවර්ධන , වාරිමාර්ග සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කේ.ඩි.එස්.රුවන්චන්ද්‍ර මහතා සහ ප්‍රංශ සංවර්ධනය සදහා වූ ඒජන්සියේ මෙරට අධ්‍යක්‍ෂ මාටින් පේරන්ට් මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබනු ලැබිය .

මෙම අවබෝධතා ගිවිසුම අනුව ශක්‍යතා අධ්‍යනය COFREPECHE විසින් සුදු කරනු ලබන අතර එම ශක්‍යතා අධ්‍යනය කළමණාකරණය ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අංශය විසින් සිදු කිරීමට නියමිතය .

යෝගිත ශක්‍යතා අධ්‍යනය මාස 09 ක් පුරා සිදු කෙරේ . එම කාලය තුල ගාල්ල , බේරුවල ,පුරන්වැල්ල , කුඩාවැල්ල යන නිරිත දිග වෙරළ තිරයේ පිහිටි ධිවර වරායන් ආශ්‍රිතව අදාළ ශක්‍යතා අධ්‍යනය සිදු කිරීමට නියමිතය .

මේ යටතේ 2004 වසරේ සුනාමි ව්‍යසනයෙන් දැඩි ලෙස හානි වූ එම ධිවර වරායන් හි පවතින යටිතල පහසුකම් සහ උපකරණ වල තත්වය පිළිබද අධ්‍යනය කිරීමට නියමිතව ඇත