News

ශ්‍රී ලංකාව සම්බන්ධ නව යෝජනාව එ.ජා.මා.හි. කවුන්සිලයට ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ නව යෝජනාව ඉදිරිපත් කෙරෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිය මේ වන විට ආරම්භ වී ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධ මධ්‍යගත කණ්ඩායම මෙම යෝජනාව කෙටුම්පත් කර ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

46 /1 ලෙස මෙම යෝජනාව නම් කර ඇත.

එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැස්ඩෝනියාව ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව චෝදනා ඇතුළත් කරමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට යෝජනාව ඉදිරිපත් කර ඇත.