ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස ශම්මි සිල්වා තේරී පත්වෙයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදි අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත් වෙයි.
ශම්මි සිල්වා පත් වී ඇත්තේ වැඩි ඡන්ද 27 කින් වන අතර ඡන්ද 83 ක් ලබා ගෙන ඇත. ජයන්ත ධර්මදාසට හිමි වී ඇත්තේ ඡන්ද 56 ක් පමණයි.
උප සභාපතිධුරය සදහා ඡන්ද 82ක් ලබාගත් රවින් වික්‍රමරත්න සහ ඡන්ද 80ක් ලබාගත් කේ මතිවානන් තේරීපත්වූ අතර උප සභාපතිධුරය සදහා තරඟ වැදුණු අර්ජුන රණතුංගට හිමිවුයේ ඡන්ද 72ක් පමණයි.
ලේකම්ධුරයට තරඟ කල මොහාන් ද සිල්වා ජන්ද 96 ලබාගනිමින් එම ධුරයට තේරී පත් වූ අතර ඒ සදහා තරඟ කල නිශාන්ත රණතුංගට හිමිවූයේ ජන්ද 45ක් පමණයි