News

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කෝප් කමිටුව හමුවේ යලි කැඳවයි

 

පසුගිය පෙබරවාරි 11වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවේ කැඳවූ අතර එම අවස්ථාවේ නිලධාරීන් නිසි සුදානමකින් තොරව පැමිණීම හේතුවෙන් රැස්වීම අතරමග අත්හිටුවනු ලැබීය.

මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අප්‍රේල් 06 යලිත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. මේ අනුව මාසයක කාලසීමාවකට පසුව නැවත කැඳවා ඇත.

කෝප් කමිටුව විසින් මාර්තු මාසයේ සහ එළබෙන අප්‍රේල් මාසය සඳහා රාජ්‍ය ආයතන 07ක් කමිටුව හමුවට කැඳවා තිබේ. මේ අනුව හෙට (23) ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් සමගම කමිටුව හමුවට කැඳවා ඇත.

මේ අතර නව අපනයන සැකසුම් කලාප පිහිටුවීමේ ක්‍රියාවලිය ඇගයීම පිළිබඳ කාර්ය සාධන වාර්තාව ලබන 24 දා කමිටුව හමුවේ කැඳවා සාකච්ඡා කිරීමට නියමිතය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනය ලබන මාර්තු 26 කමිටුව හමුවේ කැඳවනු ලැබීමට නියමිතය.

මිට අමතරව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය අප්‍රේල් 07 වනදා ත්, අප්‍රේල් 20 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කමිටුවත් කැඳවීමට නියමිතය.

අප්‍රේල් 23වන දා ට’ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව තුළ පසුගිය කාලය තුළදී සිදුවී තිබෙන අක්‍රමිකතා විමර්ශනය සඳහාත් කමිටුව කටයුතු කර තිබේ.