News

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ පවරා ගැනීම සිදුකර ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය අද (09) රාත්‍රියේ නිකුත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව මෙතෙක් පැවතියේ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරය දරන රුවන් විජේවර්ධන මහතා යටතේයි.