ශිෂ්‍යත්වය සමතුන් විරෝධතාවයක
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු සිසුවියන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමේ ඉහළ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් අසාධාරණයක් සිදුවූ බව පවසමින් එම සිසු සිසුවියන් සහ දෙමව්පියන් අද විරෝධතාවක නිරත වූහ.
කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ වූ මෙම විරෝධතා පාගමන අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වා ගමන් ගනු ලැබීය.
විරෝධාතාකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය අසලට පැමිණීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් සිසු සිසුවියන් සහ දෙමව්පියන් සාකච්ඡාවක් සදහා අග්‍රාමාත්‍ය කාර්යාලයට රැගෙන ගොස් තිබේ.
අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් එම්. ඒ. වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැති අතර, එහිදී එම ගැටළු සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී සාකච්ඡාවක් ලබාදෙන බවට ලිඛිත දැනුම්දීමක් සිදුකළ බව පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය පැවසීය.