ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු ඉහළයෑමට හේතුව මෙන්න
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් බොහෝ පිරිසක් ඉහළ දක්ෂතා දැක්වීම ජනප්‍රිය පාසල් සඳහා ඇතුළත් කිරීමේ කඩඉම් ලකුණු සීමාව ඉහළයෑමට හේතු වූ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
2008 වසරේ නිකුත් කරඇති කඩඉම් ලකුණු සකස් කිරීමේ චක්‍රලේඛයට අනුව මෙම වසරේ කඩඉම් ලකුණු සකස් කර ඇති බවද මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙන්වා දෙයි.
ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ඉහලයාම ගැන පළවන සියලුම කරුණු සත්‍ය නොවන අතර 2017, 2018, 2019 සහ 2020 වසරවල ශිෂ්‍යත්ව කඩඉම් ලකුණුත් ඒ ඒ පාසල්වලට ඇතුළත් කරපු ශිෂ්‍ය සංඛ්‍යාවත්, පාසල්වල තිබෙන පන්ති සංඛ්‍යාවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර ඇති අතර එමගින් සත්‍ය හොඳින් පැහැදිලි වන බව මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.
අධ්‍යාපන ලේකම්තුමා උත්තර පත්‍ර බැලීමේදී එතරම් තදින් නොබලන ලෙසත් කොමා, ඇලපිලි ගණන් ගන්න එපා කියලා තියෙන බවට චෝදනවක් එල්ලවන අතර එය සම්පූර්නයෙන්ම අසත්‍යයක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.