ෂැංග්‍රීලා බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් මුදා හැරේ
කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියාට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ අත්අඩංගුවට පත් සේවකයින් මුදා හැර ඇත.
පසුගියදා අත්අඩංගුවට පත් එම සැකකරුවන් 10 දෙනාගෙන් 9 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද දින නියෝග කර ඇත.
ඒ අනුව එම සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප මත විදේශ ගමන් තහනම් කර මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.