සජබ පළමු සංවත්සරය අද
සමගි ජන බලවේගයේ පළමු සංවත්සර උත්සවය අද (15 වැනිදා) පස්වරුවේ කොළඹ හයිඩ්පාක්හිදී පැවැත්වේ. පස්වරු 2.30ට සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙන බව සමගි ජනබලවේගය ප්‍රකාශ කරයි. මෙම සංවත්සර උත්සවය පිළිබඳව අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසන්නේ සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයට අනුකූලව මෙම උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි. සමගි ජනබලවේගයට සහයෝගය පළකරන සියලුම පක්ෂ නායකයන් ඇතුළු විපක්ෂයේ පාර්ශ්ව රැසක් මීට එක්වන බවද එම පක්ෂය ප්‍රකාශ කරයි.
නයන තරංග ගමගේ