News

Update : එ.ජා.ප. සම්මේලනය ඇරඹෙයි

එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාසගේ අපේක්ෂකත්වය තහවුරු කිරීම සඳහා වන විශේෂ පක්ෂ සම්මේලනය මේ වන විට ආරම්භ වී ඇත.

ඒ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීය.

——————————————————————————————————————————-

සජිත්ට අනුමැතිය දෙන එ.ජා.ප. සම්මේලනය අද

එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාසගේ අපේක්ෂකත්වය තහවුරු කිරීම සඳහා වන විශේෂ පක්ෂ සම්මේලනය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පෙරවරු 9.00ට පැවැත්වේ.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ සම්මේලනයේදී සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ඒකමතිකව සම්මත කර ගන්නා බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි. එම අනුමැතිය මත ඇමැති සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස මැතිවරණ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ අපේක්ෂකයාගේ අපේක්ෂකත්වය පක්ෂය විසින් කැඳවන මහා සම්මේලනයකදී තහවුරු විය යුතු වෙයි. මෙම සම්මේලනයට 5000කට ආසන්න පිරිසක් සහභාගි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

ඇමැති සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකත්වයට පත්කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය කළ නිර්දේශ යෝජනා මහා සම්මේලනයට ඉදිරිපත් නොකර ප්‍රතිපත්ති ප්‍රකාශනයට එකතු කිරීමටද තීරණය කර ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම, බලය බෙදාහැරීම, විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ඇතුළු යෝජනා අටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයට එකතු කිරීමට නියමිතය.

උදයජීව ඒකනායක