සජිත් ඉල්ලන කළුතර රැලිය අද
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නම් කරන ලෙස ඉල්ලා පැවැත්වෙන කළුතර දිස්ත්‍රික් ජන රැලිය අද (25වැනිදා) පැවැත්වීමට නියමිතය.
මතුගම මහජන ක්‍රීඩාංගණයෙදී අද පස්වරු 2.00ට මෙම රැලිය පැවැත්වීමට නියමිතය. මතුගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන මෙම රැස්වීම සංවිධානය කරයි. මෙම රැලියට ඇමැති කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, තලතා අතුකෝරළ, චන්ද්‍රානි බණ්ඩාර, හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, එරාන් වික්‍රමරත්න, සුජීව සේනසිංහ සහ අමාත්‍යවරුන් මෙම රැස්වීමට එක්වීමට නියමිතය.
කවර කාලගුණික තත්ත්වයක් යටතේ වුවද රැලිය නොවෙනස්ව පවත්වන බව අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කරයි.
උදයජීව ඒකනායක
