News

සජිත් – රනිල් සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන්

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ (10) පැවැති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී ඇත.

ඊයේ (10) රාත්‍රී 09.30 ට පමණ අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡාව ආරම්භ වූ අතර එය රාත්‍රී 11.30 පමණ වන තෙක් පවත්වා ඇති අතර එළඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනිම මෙම සාකච්ඡාවෙන් අරමුණ වී ඇත.