News

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙයි

ජාතික සත්වෝද්‍යාන දෙපර්තමේන්තුවේ සේවකයින්ගේ ඉල්ලීම්වලට සත්වෝද්‍යාන පාලනාධිකාරිය අගෝස්තු මස පළමුවැනිදා වන විට නිසි පිළිතුරක් ලබා නොදුන්නොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපර්තමේන්තුවේ ක්‍රියාකාරී සේවක සංගමයේ ලේකම් ඩබ්ලිව්.ඒ ප්‍රියන්ත මහටහා පැවසිය.

දෙහිවලදී ඊයේ (15)සවස පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසිය.

සත්වෝද්‍යාන සේවකයින්ගේ රුපියල් 2500ක් වන 7500ක් දක්වා වැඩි කරන ලෙසත් රුපියල් 1000 පැමිණීමේ දීමනාව රුපියල් 2500දක්වා වැඩිකරන ලෙසත් බාධාරින්ගෙන් ඉල්ලා සිටියද එය මෙතෙක් ඉටු නොකළ බව ප්‍රියන්ත මහතා කිවේය.

සත්වෝද්‍යානය මාසයකට රුපියල් කෝටියකට වඩා අදායමක් ලැබුවත් පාලනාධිකාරිය සිය වෘත්තීය ගැටළු වලට විසඳුම් ලබා නොදුන් බවද හෙතෙම පැවසිය.

සත්වෝද්‍යාන දෙපර්තමේන්තුවේ ඇතැම් සේවකයින් වසර 25කට වැඩි කාලයක් එකම තනතුරු වල සිටින බවත් ඔහු වැඩිදුරටත් කිවේය.

සාලිය කුමාර ගුණසේකර