ජනපතිගේ සර්ව පාක්ෂික හමුවට කතානායකවරයා හා ජවිපෙ සහභාගී නොවෙයි
ජනාධිපති මෛතී්‍පාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද පස්වරු 5ට ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.
නමුත් ඒ සඳහා කතානායක කරු ජයසුරිය මැතිතුමා සහභාගී නොවන බව ජනපතිට දන්වා ඇති අතර ජනතා විමුක්ති පෙරමුණද ඒ සඳහා සහභාගී නොවන බවට දන්වා ඇති බවට තොරතුරු අනාවරණය වේ.
ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාම සඳහායි.