සහරාන් සමග සබඳතා පැවැත්වූ 10ක් මෙරටට රැගෙනවිත්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ සාහරාන් හෂීම්ගේ කණ්ඩායම සමග සෘජු සහ වක්‍ර සබන්ධතා පැවැත්වූ බව කියන 10 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
මේ බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කර තිබෙන බව සඳහන්ය. ඔවුන්ගෙන් මේවන විට ප්‍රශ්න කරමින් සිටින බවද සඳහන් ය.
ඒ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේය.
සැකකරුවන් කටාර් රාජ්‍ය ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල සිටින බවට ලද තොරතුරු අනුව, විමර්ශන සිදුකර, මෙරටට ගෙන්වා ගත් බව පැවසෙයි.