News

සහරාන්ගේ බිරිඳගේ වැඩිමහල් සහෝදරයා CCD අත්අඩංගුවට

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ කටුපොතදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මොහු අත්අඩංගුවට ගත් බවයි.

මොහු සහරාන් හෂීම් සමඟ නුවරඑළියේදී අවි පුහුණුව ලබා ඇති බව ද අනාවරණය වී තිබේ.