සහරාන් හෂීම්ගේ බිරිඳ අධිකරණයට – රහස් ප්රකාශයක් ලබාදෙයි
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා කොළඹ කොටුව මහේස්ත්රාත් රංග දිසානායක ඉදිරියේ රහස් ප්රකාශයක් ලබාදී ඇත.
මරාගෙන මැරුණු සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්රාහිම් ඉල්හාම් අහමඩ් යන දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය මහේස්ත්රාත්වරයා හමුවේ පැවැත් වූ අවස්ථාවේදී ඇය ඊයේ (15)දින මෙලෙස එම ප්රකාශය ලබාදී ඇත.
සහරාන් හෂීම්ගේ බිරිඳ, ඔවුන්ගේ දියණිය සහ මරාගෙන මැරුණු මොහොමඩ් ඊබ්රාහිම්ගේ පියා සහ තවත් ඥාතියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර අදාළ මරණ පරීක්ෂණය සඳහා සාක්ෂි ලබාදී ඇත.
