සහල් ධාන්‍ය මවුකිරිවලත් ඇෆ්ලටොක්සීන්
මුං ඇට, රටකජු හා කජු කාලත් ඉවරයි
අනයනික කිරි බීමත් අනතුරු දායකයි
2050 වන විට මුළු ලෝකෙම දරුණු අනතුරක
මේ වන විට සමාජයේ වැඩියෙන්ම කතා බහවන වචනය තමයි ‘‘ඇෆ්ලටොක්සීන්‘‘.
මෙරටට ආනයනය කරන ලද පොල්තෙල් තොගයක මෙම විෂකාරකය අන්තර් ගත වී ඇති බව තහවුරු වීමත් සමග මේ අලුත් වචනය සමාජය තුළ කතා බහවෙන්න ගත්තා.
ආචාර්ය අනිල් ජයසේකර මහතා පවසන්නේ ‘‘ඇෆ්ලටොක්සීන්‘‘ යනු විමතියට පත් විය යුතු අලුත් දෙයක් නොවන බවයි.
‘‘ඇෆ්ලටොක්සීන්‘‘ ගැන විවිධ අය විවිධ කතා කියද්දී කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කෘෂිකර්ම තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ආචාර්ය අනිල් ජයසේකර මහතා පවසන්නේ ‘‘ඇෆ්ලටොක්සීන්‘‘ යනු විමතියට පත් විය යුතු අලුත් දෙයක් නොවන බවයි. වසර සිය ගණනක් තිස්සේ අප ආහාරයට ගත් කෑම බීම වල මෙම විෂ අන්තර්ගතව තිබුණු බව ඔහු කියයි.
පොල්තෙල්වල මෙම විෂ ඇති බවට සමාජය බිය වී ඇතත් ‘‘ඇෆ්ලටොක්සීන්‘‘ සහල්, මුංඇට ඇතුළු බොහෝ ධාන්‍ය තුළත්, රටකජු, කජු සහ එලකිරි වලත් වෙනකක් තබා මවුකිරවලත් ඇති බව ඔහු වැඩිදුරටත් කියයි.
ඔහුගේ මෙම ප්‍රකාශය යම් දුරකට සනාථ කරමින් අද වන විට මෙරට පරිප්පු තොගයක් තුළින්ද ‘‘ඇෆ්ලටොක්සීන්‘‘ හමු වී ඇති බවට පුවතක් වාර්තා විය.
2050 වන විට මුලු ලෝකයටම මූන පෑමට සිදුවන දරුණු ව්‍යසනයක් ගැනද ආචාර්ය අනිල් මෙහිදී පැවසීය. ඒ කතාව ඇතුළුව ආචාර්ය අනිල් ජයසේකර අරුණට කී සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන් බලන්න.