News

ස්වර්ණවාහිනියේ කොටස් විකිණීම සම්බන්ධ පරීක්ෂණ අසම්පූර්ණයි

ස්වර්ණවාහිනී ආයතනයේ කොටස් විකිණීම සම්බන්ධ පරීක්ෂණ අසම්පූර්ණ බව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ ඒ අනුව පරීක්ෂණ ගොනුව නැවතත් පොලිස්පතිවරයාට යැවූ බවයි.

එම ආයතනයේ කොටස් විකිණීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන ලෙස’ පොලිස්පතිවරයාට දන්වා තිබෙන බව සම්බන්ධීකරණ නිලධාරිනිය වැඩි දුරටත් සඳහන් කරයි.