News

සාකච්ඡා සාර්ථක වුනොත් හෙට සිට වැඩ – මහින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ යෝජනාවට සුබවාදී පිළිතුරක් ලබාදෙන්‌නේ නම් ඒ මොහොතේම එම පක්ෂයට සහායදීමට එක්වන බව එක්සත් ජාතික නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර පවසයි.

නිදහස් පක්ෂ මූලස්තානයේදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ මේ වන විට දෙපාර්ශවය අතර සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බවයි.

අද දිනයේදී ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීමට නියමිත බව මහින්ද අමරවීර මහතා එහිදී ප්‍රකාශ කළේය.