සාමනේර හිමිවරු දෙනමකට අමානුෂික පහරදීමක්
අන්තර්ජාලයේ මුහුණු පොතේ (Facebook) සාමනේර හිමිවරු දෙනමකට අමානුෂික ලෙස පහර දෙන ආකාරයේ වීඩියෝවක් සංසරනය වෙමින් තිබේ.
එම වීඩියෝවේ දැක්වෙන ආකාරයට වැඩිහිටි පුද්ගලයෙකු විසින් මෙම සාමනේර වහන්සේලා දෙනමට පහරදෙමින් යම්කිසි සොරකමක් පිළිබදව ප්‍රශ්න කරන ආකාරය දැක්වේ.
මෙම සාමනේර වහන්සේලාට පහරදෙන අවස්ථාවේ පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයකින් එය පටිගත කරන අතර, තවත් දෙදෙනෙකු ඒ දෙස බලාගෙන සිටි අයුරු දැක්වේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසූ විට එහි නිලධාරියෙකු පැවසුවේ මේ පිළිබද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
එම වීඩියෝව පහතින් බලන්න…
