News

සාෆිගෙන් සැත්කම් කරගත් මුස්ලිම් මව්වරුන් ගැනත් පරීක්ෂණ කරන්න සිංහල මව්වරු ඉල්ලයි

මහත් ආන්දෝලනයට තුඩු දී ඇති වෛද්‍ය මොහොමඩ් සාෆිගෙන් සිසේරියන් සැත්කම් කළ මුස්ලිම් හා දෙමළ මව්වරුන් කැඳවා පරීක්ෂණයක් කරන ලෙස අසාධාරණයට ලක් වූ සිංහල මව්වරු ඉල්ලා සිටිති.

දැනට එම වෛද්‍යවරයාගෙන් සිසේරියන් සැත්කම් කිරීමෙන් දරු පිළිසඳ ගැනීමක් නොවූ බවට චෝදනා කරමින් කුරුණෑගල හා දඹුල්ල රෝහල්වලට 742ක් පැමිණිලි කර තිබේ.

වෛද්‍යවරයාගෙන් සිසේරියන් සැත්කම් කිරී‍මෙන් පසුව දරුවන් පිළිසිඳ නොගැනීමත් සැත්කමෙන් පසු අතුරු ආබාධ ඇති වීමත් යන කරුණු සම්බන්ධයෙන් මෙසේ පැමිණිලි ඉදිරිපත් කර ඇත.

ඔවුන් පවසන්නේ එම කාලය තුළදී සිසේරියන් සැත්කම් සිදු කළ මුස්ලිම් හා දෙමළ මව්වරු කැඳවා හෝ ඔවුන් පදිංචි ස්ථානවලට ගොස් පරීක්ෂා කර බලන ලෙසය.