News

සිංහරාජයෙන් කැපූ වල්ලපට්ටා තොගයක් හසුවේ

සිංහරාජ රක්ෂිත වනාන්තරයට අයත් ප්‍රදේශයකට ඇතුළු වී වල්ලපට්ටා ශාක කැපීමේ ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් හතර දෙනකු වල්ලපට්ටා කිලෝග්‍රෑම් තුන්දහස් දෙසීය අසූවක් සහ ඒ සඳහා භාවිත කළ උපකරණ රැසක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙණියාය කඳවුර පවසයි.

දෙණියාය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව පෙරේදා (15 වැනිදා) වැටලීම සිදුකර තිබේ. එහිදී සිංහරාජ රක්ෂිතයට අයත් දෙණියාය පොලිස් වසමේ බෙවරලිය කොටසට ඇතුළු වී දින ගණනාවක් තිස්සේ වල්ලපට්ටා දැව ජාවාරමේ යෙදී සිටි බවට සැකකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් දියදාව වන අඩවි කාර්යාලය වෙත භාරදීමෙන් අනතුරුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ජයසිරි පේදුරුආරච්චි – මාතර