සිකුරාදා රැස්වන පාර්ලිමේන්තුවේ ගැලරිය වැසෙයි
පාර්ලිමේන්තු රැස්වීම අනිද්දා (23) පැවැත්වීමට නියමිතය. නමුත් අනිද්දා දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර ඇති බව වේත්‍රධාරී කාර්යාලය සඳහන් කරයි.
එදිනට පාර්ලිමේන්තු ගැලරියට ඇතුලූවීමට අවසර හිමිවන්නේ මාධ්‍යවේදීන්ට පමණක් වන අතර එදිනට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවද සඳහන් කරයි.