News

සිරසට එරෙහි වාරණය දීර්ඝ කරයි

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන අයුරින් පුවත් පළකිරීම වළක්වමින් සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය හිමි MTV පුද්ගලික සමාගමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය මාර්තු 17වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය අද (15) නියෝග කළේය.

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම සහ එහි සභාපති දිලිත් ජයවීර මහතා විසින් එම නඩුව ගොනුකර තිබුණි.

පැමිණිලිකරුවන් සඳහන් කර සිටින්නේ කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා භාවිත කරන “රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල” ආනයනය කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර MTV පුද්ගලික සමාගම විසින් සිය ප්‍රවෘත්ති විකාශ ඔස්සේ අසත්‍ය සහ මහජනතාව නොමඟයවන ආකාරයේ ප්‍රවෘත්ති විකාශය කළ බවය.