සිසුන්ට – ගුරුවරුන්ට නොදී ටැබ් 97,000ක් පාසල්වලට
උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන්ට ලබා දීම සඳහා මිලට ගෙන ඇති ටැබ් යන්ත්‍ර අනූහය දහස් නවසිය දහ නවයක් (96,919ක්) ඔවුන්ට නොදී පාසල් 1401කට මෙම මාස දෙක ඇතුළත බෙදා දෙන බව රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (09 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසූවේය.
උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට බෙදා දීම සඳහා ටැබ් යන්ත්‍ර මිලට ගැනීමට 2017 වසරේදී රුපියල් කෝටි 500ක්, 2018දී රුපියල් කෝටි 400ක්, 2019දී රුපියල් කෝටි 400ක් සහ 2020 දී රුපියල් කෝටි 300ක් අයවැය මගින් වෙන් කර ඇතැයිද ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් යන්ත්‍ර ලබාදීම නොකරන බව කී ඇමැතිවරයා 2020 වසරේ වෙන්කළ මුදලින් මිලට ගත් ටැබ් යන්ත්‍ර මෙසේ ජාතික සහ ජාතික නොවන පාසල්වලට ලබා දෙන බව කීය.
එමෙන්ම ලබන වසරේ (2022) සිට සිසුන්ට පෙළ පොත් ලබා දෙන්නේ වාර තුන සඳහා වෙන් වෙන්ව කී ඇමැතිවරයා එවිට දරුවාගේ පාසල් පොත් බෑගයේ බර අඩුවනු ඇතැයිද කීවේය.
‘ගුරු ගෙදර ’ අධ්‍යාපනික වැඩසටහන අයි නාළිකාව ඔස්සේ විකාශනය කරන කාලය දීර්ඝ කරන බවද පැවසූ අතර ඒ අනුව පෙරවරු 7.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා එම වැඩසටහන විකාශනය කරන බව කීය.
සිසුන් 200ට අඩු පාසල් 3000ක් සඳහා රූපවාහිනී යන්ත්‍ර 3000ක් ලබා දෙන බවද හෙතෙම පැවැසුවේය.
මාතර දිස්ත්‍රික් (සජබ) මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
අජිත් අලහකෝන්