සුළගේ වේගය වැඩිවෙයි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා කෂ්ණිකව ඉහළ යාමේ වැඩි හැකියාවක් පවතින බවයි.
එමෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් දක්වා වැඩි විය හැකි අතර ධීවර සහ නාවුක ප්‍රජාව මේ සම්බන්ධයෙන් ඉතාමත් අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
