News

සුළු පක්ෂවල සහාය නැතිව බලය ගන්න කාටවත් බැහැ – පැෆරල් කියයි

අධිකරණයේ තීන්දුව කුමක් වුවද පවතින තත්ත්වය අනුව කිසිම පක්ෂයකට බලය තහවුරු කරගැනීම නොහැකි වනු ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවැසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී බවට හෝ විසුරුවා හැරීම නීත්‍යනුකූල බවට තීන්දුවක් ලැබුණත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට හෝ මැතිවරණයක් පවත්වා ඉන්ද බහුතර බලයක් පවතින සමානුපාතික ඡන්දක්‍රමය අනුව කිසිදු පක්ෂයකට නොලැබෙන බව ඒ මහතා සඳහන් කළේය.

වර්තමානයේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට සේම මැතිවරණයෙන් බලය ලබා ගන්නා කණ්ඩායමකට සුළු පක්ෂවල සහායක් නොමැතිව ආණ්ඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බව ඔහුගේ අදහසයි.

නීතිය හා සම්ප්‍රදාය පිළිගෙන අධිකරණය ලබාදෙන කුමන තීන්දුවකට වුවුද සියලු දෙනා හිස නමා ජනතාව ගැන සිතා බල අරගලයෙන් මිදී කටයුතු කිරීමෙන් මෙම ප්‍රශ්නයට විසඳුම් ලබාගත හැකි බව හෙතෙම පැවසීය.