News

සේනා දළඹුවාගේ ශීඝ්‍ර ව්‍යාප්තියෙන් වී වගාවත් අනතුරේ

ශීඝ්‍රයෙන් බෝවී යන ආක්‍රමණශීලී ‘ආගන්තුක සේනා’ දළඹුවා නිසා මහකන්නයේ වී වගාව අනතුරට පත්ව ඇති බව වාර්තා වේ.

ස්පොඩොප්ටෙරා ෆ්‍රැජිපර්ඩා (Spodoptera frugipeda) හෙවත් ෆෝල් ආමි වෝම් (fall army worm) නමින් හඳුන්වන සේනා දළඹුවා මෙතෙක් බඩ ඉරිඟුවලට වැඩි වශයෙන් හානි සිදුකරන බවට වාර්තා වුවත් පසුගිය සතියේදී ප්‍රථම වතාවට පොළොන්නරුව සිංහපුර ප්‍රදේශයෙන් මහකන්නයේ වගාකළ ගොයමට හානි සිදු කර තිබියදී කෘෂිකර්ම නිලධාරීන් විසින් හඳුනාගෙන ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු වගාවේ සිට මෙම ආක්‍රමණශීලී ආගන්තුක සේනා දළඹුවා හමුවී ඇති අතර මේ වනවිට බෝග සියයකට පමණ හානි කරන බවට හඳුනාගෙන ඇත. මෙම දළඹුවා දිනකට කිලෝමීටර් සියයක් පමණ පියාඹා යෑමේ හැකියාවට අමතරව ශීඝ්‍රයෙන් බෝවීමේ හැකියාවද නිසා මේ වන විට හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, මාතලේ ආදී ප්‍ර‍දේශවලද ව්‍යාප්ත වෙමින් යන බව වාර්තා වේ.

චමින්ද සේනාරත්න