හදිසි නීති රෙගුලාසි පිළිබඳ යෝජනාව අද පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තුව අද පෙරවරු 10.30 ට ආරම්භවීමට නියමිතය.
රටේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඊයේ හදිසියේ කැඳවනු ලැබූ අතර එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ මෙම විවාදය අද දිනය පුරා පැවැත්වීමට පක්ෂ නායකයින් එකඟතාවකට පැමිණි ඇති බවය.
ඒ අනුව රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ හදිසි නීති රෙගුලාසි පිළිබඳ යෝජනාව පසුගිය සඳුදා පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබු අතර එම යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
එමෙන්ම බුර්කාව තහනම් කිරීම සඳහා වන යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයව ඇත.