හමුදා ට්‍රක් රථයක් කිලිනොච්චියේදී විදුලි කණුවක ගැටෙයි Photos
කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේදී යුධ හමුදා ට්‍රක් රථයක් විදුලි කණුවක ගැටීමෙන් ඊයේ (21) සවස අනතුරක් සිදුව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ පරන්තන් සිට කිලිනොච්චිය ඉරණමඩු දක්වා ගමන්ගත් යුධ හමුදා ට්‍රක් රථයක් මාරගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී ඇති බවයි.
ට්‍රක් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් ට්‍රක් රථයේ ගමන්ගත් යුධ හමුදා සෙබළෙකු සුළු තුවාල ලබා ඇති බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ ට්‍රක් රථය විදුලි කණුවේ ගැටීම හේතුවෙන් විදුලි කණුවක් කැඩී ගොස් ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.