News

හමුදා ට්‍රක් රථයක් පෙරළී සෙබළුන් 11 දෙනෙකු තුවාල ලබයි

සූරියවැව, මීගහජදුර ගොවිජන සේවා මධ්‍යස්ථානය අසළදි යුද හමුදා ට්‍රක් රථයක් පෙරළී අද සිදුවූ අනතුරකින් සෙබළුන් 11 දෙනෙකු තුවාල ලබා ඇත.

ඔවුන් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළ අතර යුද හමුදා සෙබළුන්ට රියදුරු පුහුණුව ලබාදෙන ට්‍රක් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්.

එම අනතුර සිදුවන අවස්ථාවේ හමුදා නිලධාරීන් 13 දෙනෙකු එහි ගමන් කරමින් සිට ඇති බව වාර්තා වෙයි.